විදෙස්

මෙල්බන් නුවර කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නව කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි පුද්ගලයෙකුගෙන් බවට අනාවරණය වී තිබේ.   

ඉන්දියාවෙන් හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත නව කොවිඩ් පොකුරක් හඳුනාගැනීමත් සමඟ මෙල්බන් නුවර සති දෙකක පමණ කාලයක් වසා දැමීමට සිදුවු අතර ඉන් පුද්ගලයින් මිලියන ගණනකට බලපෑම් සිදුවිය.

නව පොකුරේ ආරම්භය පිළිබඳව සෞඛ්‍ය අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය මස 08 වනදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හරහා එම පොකුර නිර්මාණය වී ඇති බවය.

අදාළ පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවන අයෙකි.

එරටට පැමිණි දිනයේ සිදුකළ පරීක්ෂණයක දි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඔහු පිටව ගොස් ඇත්තේ පසුගිය මස 23වනදා බව සඳහන් වේ.

මෙල්බන් ඩෙල්ටා කොවිඩ් පොකුරේ ආරම්භය එම පුද්ගලයාගෙන් සිදුවු බවට විද්‍යාත්මකව තහවුරු වුවද වෛරසය බාහිර පුද්ගලයින් වෙත සම්ප්‍රේෂණය වු ආකාරය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නොමැත.

 

Related posts

ඇමරිකාවට බලපා ඇති අධික හිම පතනයෙන් ගුවන් ගමන් රැසක් අවලංගුයි..

Mohamed Dilsad

ඇමෙරිකාව, යුරෝපා කොමිසමට පිටුපායි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මිය යයි

Mohamed Dilsad

Leave a Comment