විදෙස්

මෙල්බන් නුවර කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

(UTV | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නව කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එරටට පැමිණි පුද්ගලයෙකුගෙන් බවට අනාවරණය වී තිබේ.   

ඉන්දියාවෙන් හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත නව කොවිඩ් පොකුරක් හඳුනාගැනීමත් සමඟ මෙල්බන් නුවර සති දෙකක පමණ කාලයක් වසා දැමීමට සිදුවු අතර ඉන් පුද්ගලයින් මිලියන ගණනකට බලපෑම් සිදුවිය.

නව පොකුරේ ආරම්භය පිළිබඳව සෞඛ්‍ය අංශ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය මස 08 වනදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හරහා එම පොකුර නිර්මාණය වී ඇති බවය.

අදාළ පුද්ගලයා 40 හැවිරිදි වියේ පසුවන අයෙකි.

එරටට පැමිණි දිනයේ සිදුකළ පරීක්ෂණයක දි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ඔහු පිටව ගොස් ඇත්තේ පසුගිය මස 23වනදා බව සඳහන් වේ.

මෙල්බන් ඩෙල්ටා කොවිඩ් පොකුරේ ආරම්භය එම පුද්ගලයාගෙන් සිදුවු බවට විද්‍යාත්මකව තහවුරු වුවද වෛරසය බාහිර පුද්ගලයින් වෙත සම්ප්‍රේෂණය වු ආකාරය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නොමැත.

 

Related posts

කශෝගිගේ මරණය ගැන සෞදි කුමරු නොදන්නා බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

Mohamed Dilsad

Leave a Comment