Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල වැඩි කළොත් ආණ්ඩුවට එරෙහිව පාරට බහිනවා – විපක්ෂ නායක සජිත් පෙු්මදාස

විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගතහොත්, ඊට එරෙහිව පාරට බැස කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (11) ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ දී ශ්‍රීමත් මහාමානය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේය.

විදුලි බිල වැඩි කිරීම තුළින් ගෘහයේ ආර්ථික පීඩාව විඳින්නේ මව්වරු සහ කාන්තාවන් බව පෙන්වා දුන් ප්‍රේමදාස මහතා, ආණ්ඩුවේ දුර්දාන්ත ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළේය.

“දුක් ගින්නෙන්, බඩගින්නෙන්, පීඩනයෙන්, අසහනයෙන් තැලී පොඩි වී සදාකාලික අනාථභාවයට ලක් කරන රජයේ මේ දුර්දාන්ත ප්‍රතිපත්ති පරාජය කරන්නට කටයුතු කළ යුතුයි,” යැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ලක්ෂ 220 ක් වූ සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට තමන් පෙරට එන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවයි.

Related posts

ட்ரம்ப் – புட்டின் சந்திப்பு

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයට

Editor O

Leave a Comment