Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජ්‍යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයට

(UTV | කොළඹ) –

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ (03) ඒ බස සඳහන් කළේය.

බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ තමන් විශ්‍රාම යාමේදී හිමි වූ පාරිතෝෂිකය හෝ බැංකු තැන්පතුව ආදියට ලැබෙන ස්ථාවර පොලිය බවත්, ණය ලබාගත් පිරිස් විසින් පසුගිය වකවානුවේදී, රටේ බැංකු පොලී අනුපාතිකය අඩු කරන ලෙස වශයෙන් ඉල්ලීම් කළ බවත්, ඒ අනුව එම ණය පොලී අනුපාතය අඩු කිරීමේදී නැතැතින්ම සිදුවන පරිදි බැංකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතයද පහළ ගිය බවත් අමාත්‍යවරයා එහිදී  සඳහන් කළේය.

මීට පෙර අවස්ථාවන්වලදී එවැනි තත්ත්වයක් ඇති වූ විට රජය යම් ප්‍රතිශතයක පොලී අනුපාතියක් එකතු කර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ආකාරයෙන් බැංකු විසින් වැඩිපුර ගෙවූ පොලී සඳහා රුපියල් බිලියන 88 ක මුදලක් රජය විසින් බැංකු වෙත ගෙවිය යුතුව ඇති බවයි සඳහන් කළේ.

ඒ අනුව එක් පසෙකින් රුපියල් බිලියන 88 ක මුදලක් බැංකු වලට ගෙවීමට තිබියදී අනෙක් පසින් ගිණුම් හිමියන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් පොලී අනුපාතිකය අඩුවීමේ ගැටළුවට මුහුණ දී සිටින අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි භාණ්ඩාගාරයට මෙම ගැටළුවට ලබාදිය හැකි පිලිතුර සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව එයට සාධනීය පිළිතුරක් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලබාදෙනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

Related posts

கம்பெரலிய கிராம அபிவிருத்தி திட்டத்தை தொடர்ந்து நடைமுறைப்படுத்துவதற்கு அமைச்சரவை அங்கீகாரம்

Mohamed Dilsad

Apple to create $1 billion U.S. advanced manufacturing fund

Mohamed Dilsad

இரா.சம்பந்தனுக்கு வீடு?

Mohamed Dilsad

Leave a Comment