Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක්ද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර, නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බවත් 17 හා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුළ සංවරණ හා තුළන ක්‍රමවේදය තුළ මෙරට පොලිස් සේවාව අපක්ෂපාතීව ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බලය දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී පාර්ලිමේන්තුව අමතමිනි.

පොලිස් සේවාව තුළ සිදු කරන ස්ථාන මාරුකිරීම් තනි අතකට එනම් පොලිස්පතිවරයාට පැවරී ඇති බවත් මේක පොලිස් රාජ්‍යයක් නොව ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවත් මේ රටේ සංවරණ හා තුළන තිබිය යුතු බවත් පොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙක් කළ නොහැකි බවත් පොලිස් කොමිෂම සතු බලතල පොලිස්පතිවරයාගේ තනි අතට ලබා දීම ගැන විපක්ෂයක් ලෙස පොදුවේ විරෝධය පළ කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Related posts

පිරමීඩ් ක්‍රමයෙන් මුදල් අතට ගත්තොත් වැඩ වරදි

Mohamed Dilsad

மாகந்துரே மதூஷை நாடு கடத்துவதா? இல்லையா? என்பது தொடர்பான தீர்மானம் இன்று

Mohamed Dilsad

දේශබන්දු යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment