Trending Newsඑසැන පුවත්දේශීය

ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙති…

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.. සුබෝධිනී කමිටු වාර්තාවේ යෝජනා වලින් තුනෙන් දෙකක ප්‍රමාණයක් තවමත් ක්‍රියාත්මක කර නොවිම. වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට හේතුව බවද ස්ටාලින් සඳහන් කරයි.

මෙරට ලෝක ගුරු දිනයට සමගාමීව ගුරු දිනය සැමරූ අවස්ථාවේදී පවා මෙම ප්‍රධාන ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ආණ්ඩුව කිසිදු ප්‍රකාශයක් නොකිරීම සම්බන්ධයෙන් ඔහු සිය අප්‍රසාදය පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ස්ටාලින් මහතා, ආණ්ඩුව ඒකපාර්ශ්විකව කටයුතු කිරීම නවත්වා, ගැටලු විසඳීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් යුත් පැහැදිලි ප්‍රවේශයකට එළැඹිය යුතු බවට අවධාරණය කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන සුබෝධිනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශවලින් තුනෙන් එකක් 2022 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක විය. දැන් ඉතිරි තුනෙන් දෙක ලබා ගැනීමයි ඉතිරිව ඇත්තේ. මෙය ලබා ගැනීම වෙනුවෙන් 2024 වර්ෂයේදී විශාල අරගල ගණනාවක් සංවිධානය විය. කෙසේ වෙතත්, ගුරු දිනය සමරන දින පවා ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉතිරි කොටස ලබා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කිසිදු නිවේදනයක් නිකුත් වූයේ නැත. එම අරගලවලට සහභාගී වී පාර්ලිමේන්තුවට පත් වූ ගුරු-විදුහල්පතිවරුන් 23 දෙනෙකුට වැඩි පිරිසක් සිටියත්, ඔවුන් ද මේ පිළිබඳව අදහස් ප්‍රකාශ නොකිරීම විමතියට කරුණකි.

අද වන විට එක් අතකින් ගුරුවරුන්ගේ සේවා තත්ත්වය පහත බැස ඇති අතර, අනෙක් අතට, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් කිසිදු ප්‍රකාශයක් නොකර සිටියි.

ඉතිරි තුනෙන් දෙක දිනා ගැනීම සඳහා, සියලු ගුරු-විදුහල්පති වෘත්තීය සංවිධාන සමඟ සාකච්ඡා කර, ඉදිරි අරගලයකට යාමට තමන් සූදානම් වන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

එමෙන්ම, සේවා තත්ත්වය පිළිබඳ නිර්දේශවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ගුරු සංවිධාන සමඟ සාකච්ඡා කළ යුතු බවයි. එහෙත්, කිසිදු සාකච්ඡාවක් නොමැතිව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය වහාම නතර කර, ගැටලු විසඳීම සඳහා සාකච්ඡාමය ප්‍රවේශයකින් පැමිණිය යුතු බව ඔහු අවධාරණය කළේය. එසේම, ගුරුවරුන්ගේ වැටුප් හා සේවා තත්ත්ව ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දිය යුතුය. මෙම කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් දැනටමත් ආරම්භ කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Sri Lanka vs England 2nd Test Day 1: England win toss, elect to bat

Mohamed Dilsad

பல்கலைக்கழக நுழைவிற்கான விண்ணப்பங்கள் அடுத்த மாதம்

Mohamed Dilsad

தமிழ்த் தலைமைகளை பலப்படுத்த தவறாதீர்கள்….

Mohamed Dilsad

Leave a Comment