Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මනූෂගේ ඇප ඉල්ලීම ට අධිකරණය දුන් නියෝගය

අල්ලස් කොමිෂම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.

එහිදී අල්ලස් කොමිෂම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළාය.

එහිදී මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය ඉල්ලා සිටියේ, මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කළේය. ඉන් අනතුරුව මෙම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස නියම කළේය. 

ඉකුත් ආණ්ඩුව සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන අතර ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

මහ මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ [GAZETTE]

Mohamed Dilsad

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කඩ කළ බස් රථ 51 ක් අල්ලයි

Mohamed Dilsad

Cathay Pacific to buy budget airline Hong Kong Express

Mohamed Dilsad

Leave a Comment