Trending Newsඑසැන පුවත්දේශීය

මහීපාල⁣ හේරත්ගේ හෝටලය කඩා ඉවත් කරයි

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට හෝටලයක් පවත්වා ගෙන යාම සදහා පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් හැටක භුමි භාගයක අනවසරයෙන් ඉදි කරන ලදැයි කියන ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දී තිබෙන අතර ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇති අතර පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබියදී හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව අනාවරණය වූ බව මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා පැවසීය.

වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබේ.

මේ වන විට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල් ද දමා අවසන් කර ඇති බවත් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක් ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේ දී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Tributes for ex-Iran President Akbar Hashemi Rafsanjani

Mohamed Dilsad

Egypt archaeologists find 20 ancient coffins near Luxor

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment