Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දගේ වාහන දෙකෙන් එකක් අද භාරදෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රයෝජනය සඳහා දී තිබූ වාහන දෙකෙන් එකක් අද (03) භාර දීමට නියමිතය.

විශ්‍රාමික ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත වීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 7, විජේරාම මාවතේ නිල නිවෙසින් ඉවත් වී තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණියේය. මෙම පනතට අදාළව විශ්‍රාමික ජනපතිවරුන්ට ලබා දී තිබූ ප්‍රවාහන පහසුකම් ද ඉවත් කෙරෙන අතර ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට දී තිබූ වාහන නැවත භාර දීමට ද සිදුකෙරිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙඩි නොවදින මෝටර් රථයක් හා ටොයෝටා ලෑන්ඩ් රෝවර් රථයක් 2015 වර්ෂයේදී ලබා දී තිබිණි. ඉන් වෙඩි නොවදින මෝටර් රථය අලුත්වැඩියා කටයුත්තක් සඳහා මාතර පිහිටි ගරාජයක මාස කිහිපයක් තිස්සේ නවතා ඇති අතර තවමත් එහි අලුත්වැඩියා කටයුතු අවසන්ව නොමැති බව පැවසේ. තවද එම වාහනය භාර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී ඇතැයි ද සඳහන්ය.

ලෑන්ඩ් රෝවර් රථය භාර දීම සඳහා ඊයේ (02) තංගල්ලේ සිට කොළඹට ගෙනැවිත් ඇති අතර අද (3 වැනිදා) එය භාරදීමට නියමිත ය. ඒ අනුව වාහන දෙකම නොමැති වූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරින්ට ගමන් කිරීමට පවා වාහනයක් නොමැති බව ද පැවසේ.

මේ අතර වෙඩි නොවදින වාහනයක් නොමැති වීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව සඳහන්ය.

තවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් රජයෙන් රියැදුරන් දෙදෙනකු පත්කර තිබී ඇති අතර එම පත්වීම් දෙක පෙරේදා (01) සිට අවලංගු කර ඇතැයි ද පැවසේ.

Related posts

US insists no plan or intention to establish base in Sri Lanka

Mohamed Dilsad

තොන්ඩමාන් ඇමති සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

ගර්භණී කාන්තාවන්ට එන්නත්කරණය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment