Trending Newsඑසැන පුවත්දේශීය

වෙරෙගල වැවෙන් හමුවූ ගිනි අවි ගැන තවදුරටත් පරීක්ෂණ

වෙහෙරගල වැවේ තිබී ටි 56 හිස් මැගසින් 74 ක්,එල් එම් ජි හිස් මැගසින් 36 ක්,හා එම් .පී එම් ජී හිස් ඩ්‍රෑම් 5 ක් සොයා ගෙන ඇත. යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු ලබාදුන් තොරතුරක් අනුව ඊයේ (30) මෙම අවි තොගය සොයාගෙන තිබේ.

මේ වනවිට එම ආයුධ ගෝනගංආර පොලිසියට භාර දී ඇති බව වාර්තා වේ.

කතරගම වෙහෙරගල වැවට දැමූ ආයුධ සොයා අද (01) දිනයේත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

කිමිදුම්කරුවන් යොදවා එම සෝදිසි කිරීම් සිදු කරන බව , වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කලේය.

එම ආයුධ වැවට ගෙනැවිත් දැමුවේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කළ බව, වැඩිබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

நுகேகொட உள்ளிட்ட பகுதிகளில் நீர்வெட்டு

Mohamed Dilsad

இம்மாதத்திற்குரிய யொவுன்புர நிகழ்ச்சி திருகோணமலையில் இடம்பெறும் –பிரதமர்

Mohamed Dilsad

Progress on constitutional reforms – Zeid Ra’ad

Mohamed Dilsad

Leave a Comment