Trending Newsඑසැන පුවත්දේශීය

දකුණු ඉන්දියාවේ රැස්වීමක ඇති වූ තෙරපීමකින් 36ක් ජීවිතක්ෂයට

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජනප්‍රිය නළුවකු වන තලපති විජේගේ පැවති දේශපාලන රැලියක් අතරතුර ඇති වූ තෙරපීමක් හේතුවෙන් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාවට අවම වශයෙන් කාන්තාවන් 16 දෙනෙකු, පිරිමින් නව දෙනෙකු සහ ළමුන් හය දෙනෙකු ඇතුළත් වන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මා සුබ්‍රමනියන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත වෙත ප්‍රකාශ කර තිබු අතර තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පැවසුවේ තෙරපීමේදී මියගිය අයගේ පවුල්වලට රුපියල් මිලියනයක (ඩොලර් 11,300; පවුම් 8,400) වන්දි ලබා දෙන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්ය.

X හි සටහනක් තබමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබුණේ මෙම සිදුවීම අවාසනාවන්ත සහ අතිශයින්ම කණගාටුදායක වන බවයි.

Related posts

பிரெக்ஸிட் ஒப்பந்தம் – திகதியை நீடிக்க ஐரோப்பிய தலைவர்கள் இணக்கம்

Mohamed Dilsad

சரத் என். சில்வாவுக்கு எதிராக வழக்குத் தாக்கல்

Mohamed Dilsad

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment