Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බී ලූණු ආනයනය කිරීම ලාබයි – කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත

බී ලූණු වගාවට ලංකාවේ පිරිවැය වැඩි බවත් පිටරටින් ඊට වඩා අඩු මිලකට බී ලූණු ආනයනය කළහැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. එබැවින් පිටරටින් බී ලූණු ආනයනය, පාරිභෝගිකයාට වාසිදායක බව ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ පැවති වැඩමුළුවක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළ අතර දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විටත් බී ලූනු කිලෝවක් සඳහා රු. 50ක බද්දක් පනවා ඇති බව ද පැවසීය

ගම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක වන සමූපකාර ක්‍රමයෙක් නොමැතිව ගොවියාගේ මෙම ගැටලුව සඳහා විසඳුමක් ආණ්ඩුවට නැති බව ද ඇමති ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

VVIP Assassination Plot: CID records President’s statement; AG to study report

Mohamed Dilsad

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment