Trending Newsඑසැන පුවත්දේශීය

තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්

තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී අද (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බෝර 12 පතුරම් යොදන ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය.

මියගිය තැනැත්තාගේ පුත්‍රයාගේ බිරිඳ සමග ඇති වූ වෙඩි තැබූ පුද්ගලයා අතර පැවැති සම්බන්ධයක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයිද වාර්තා වේ.

පොලීසිය පැවසුවේ මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

Related posts

අන්තර් ජාලයෙන් ළමා අපචාර සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

191 Officer Cadets pass out at SLMA Diyatalawa

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment