Trending News

පුනරුදය ට අවුරුද්දයි….: දුන්න පොරොන්දු 1329 යි : දැනට ඉටුකළේ 5යි !

වසරක් තුළ එම රජය ඉටු කර ඇත්තේ පොරොන්දු පහක් පමණක් බවත්, ඒවා ද නිරර්ථක හා වෛරී සහගත පොරොන්දු බවත් මාලිමා ආණ්ඩුවට වසරක් පිරීම නිමිත්තෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කළේය .

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (22) පැවති මාධ්‍ය හමුවකදීය.

“බොහෝ දෙනෙක් මැතිවරණය පැවැත්වූ දිනය වසරක් ලෙස සැලකුවත්, අනුර කුමාර දිසානායක මැතිතුමා රටේ ජනාධිපති ලෙස වැඩ භාර ගත්තේ සැප්තැම්බර් 23 වැනිදා. ඉතින් මේ ආණ්ඩුව සැප්තැම්බර් 23ට වසරක් සම්පූර්ණ කරනවා. ආණ්ඩුව මොකද කළේ කියන එක මේ දවස්වල හැමෝම ප්‍රශ්න කරනවා” යැයිද ඒ මහතා පැවසීය.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මාලිමා ආණ්ඩුව තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනතාවට පොරොන්දු 1,329ක් ලබා දුන්නත්, ඉන් පළමු වසර තුළ ඉටු කර ඇත්තේ පොරොන්දු පහක් පමණක් බවයි.

එම පොරොන්දු අතර “අනාගත නායකයන්ගේ කොන්ද කඩන”, “බෙදුම්වාදීන් සතුටු කරන”, සහ “හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස අහිමි කිරීම වැනි නිරර්ථක වෛරී පොරොන්දු” පමණක් ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, “වහාම ඉටු කරනවා” යැයි පැවසූ පෙට්‍රල් මිල රුපියල් 150 දක්වා අඩු කිරීම සිදු නොකළ බවත්, ඉතා කෙටි කලකින් විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බව පැවසුවද, දැන් එය වැඩි කිරීමට සූදානම් වන බවත්ය. එමෙන්ම, පළමු අයවැයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මත තිබූ වැට් බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ද ඉටු වී නැති බව ඔහු සඳහන් කළේය.

“මේ ආණ්ඩුව මුකුත්ම නොකර නිකන් සිටියා කියලා අපි කියන්නේ නෑ. ආණ්ඩුව කළ වැඩ කොටසක් තිබෙනවා. කුහක නොවී අපි ඒවා සිහිපත් කරන්න ඕනි. අත්තනගල්ල පැත්තේ නිධානයක් ගොඩගන්න රාජ්‍ය අනුග්‍රහයෙන් දැවැන්ත වලක් හෑරුවා. අවසානයේ තිබුණේ කළු ගලක්. ආචාර්ය උපාධියක් සොයාගෙන එන්න රන්වල කථානායකවරයාව ජපානය බලා පයින්ම පිටත් කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට සතොස ටෙන්ඩරයක් හතර වතාවක් ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා පෞද්ගලික අංශයට කැමති මිලකට හාල් විකුණන්න පුළුවන් වුණා. රිලව් සංගණනයක් කරලා රිලවුන්ගෙන් වගාවට තිබෙන කරදරය සදහටම අවසන් කළා. මේසයට ගහලා හාල් මිල වැඩි කළා. 1977න් පස්සේ ප්‍රථම වතාවට සහල් පෝලිම් ඇති කළා. රතු ලේබල් බහාලුම් 323ක් පරීක්ෂා නොකර නිදහස් කළා. මහාවංශයේවත් සඳහන් නොවන ලක් ඉතිහාසයේ පළමු වරට ලුණු හිඟයක් ඇති කළා. බදු අඩු කරන්න ආපු ආණ්ඩුව විශ්‍රාමිකයන්ගේ පොලී ආදායමටත් සියයට 10ක බද්දක් ගැහුවා.” යැයිද ඔහු සඳහන් කළේය .

එසේම  , “යුද සමයෙන් පසු පළමු වරට මාස පහක් ඇතුළත වෙඩි තැබීමේ අර්ධ ශතකයක් වාර්තා කළා. ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට පැමිණි පළමු ජනාධිපති ලෙස ඉතිහාසයට එකතු වුණා. කොටි සටන් කළේ සාමය වෙනුවෙන් බවට ජනාධිපතිතුමා සොයාගෙන රණවිරු සැමරුම් දිනයේදී අපට දැනුම් දුන්නා. බුදුන් වහන්සේ දේශනා කළ පස් පවින් බොරු කීම ඉවත් කළා. දැන් බොරු කීම අයිතියක් මිස පාපයක් නොවෙයි. හිරේ දාන්න පොරොන්දු වුණු මහින්ද සිරිවර්ධන මහතා ගැන ලොකු වර්ණනාවක් කරලා සම්මානයක් දුන්නා.”
“මේ ආණ්ඩුව මුකුත්ම කළේ නැහැ කියලා කවුරු හරි කියනවා නම්, එයාට ටොක්කක් ඇනලා මෙන්න මේ ලැයිස්තුව පෙන්නන්න,” යැයිද ඒ මහතා පැවසීය

Related posts

Royals make emotional visit to Grenfell Tower fire survivors

Mohamed Dilsad

Sri Lanka, Germany enhance medical collaboration

Mohamed Dilsad

“Factions within UNP working on their own agendas” – Mano Ganeshan

Mohamed Dilsad

Leave a Comment