Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම දේවාලයට, වැඩබලන බස්නායක නිලමේවරයෙක් : මාලිමා හිතවතෙක්ලු…!

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේ ලෙස දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක අබේරත්න පත් කර තිබේ.


වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර ගේ නිල කාලය ඊයේ (21දා) අවසන් විය.

රුහුණු මහා කතරගම දේවාලයේ නිලවරණයක් මගින් පත්වූ බස්නායක නිළමේ වූ 12 වැනි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර අද (22දා) ධුරයෙන් නික්ම යන අතර ඔහු ඉදිරි නිලවරණයට ඉදිරිපත් නොවනබව දැනටමත් ප්‍රකාශකර ඇත.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ, මාස 3ක් ඇතුළත පනතේ විධි විධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇති බවයි.

වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස පත්කර ඇති තිළිණ මධුසංඛ අබේරත්න, වත්මන් ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු බව පැවසේ. 

Related posts

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තවදුරටත් ප්‍රමාදයි

Mohamed Dilsad

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

Mohamed Dilsad

சஜித் ரணில் சந்திப்பில் நடந்தது என்ன?

Mohamed Dilsad

Leave a Comment