Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලනික වශයෙන්, රට පිරිහිලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

රටක් සංවර්ධනය වෙත ගමන් කළ යුතු වන්නේ සාධාරණත්වය සහ ගුණාත්මකභාවය සමගින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ සඳහා සිදු කළ යුතු වන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ද නිර්මාණය කිරීම බව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රට දේශපාලනික වශයෙන් පිරිහී ඇති බවයි.

දශක 03 කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති තමන් දැක ඇත්තේ පාර්ලිමේන්තුව දිනෙන් දින පිරිහෙන අයුරු මිස පිබිදීමක් නොවන බවයි.

නේපාලය වැනි ලොව රටවල් දේශපාලනික වශයෙන් පිරිහීමට ලක්ව ඇති අයුරු ජාත්‍යන්තරය තුළදී දැකිය හැකි බැව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එය අතිශය භයානක තත්ත්වයක් බවයි.

Related posts

ලොව විශිෂ්ඨතම තබ්ලා හඬක් නිහඬ වෙයි.

Editor O

உலகின் மிகப் பெரிய பணக்காரர் விவாகரத்து இழப்பீடாக 35 பில்லியன் அமெரிக்க டாலர்கள் கொடுக்க ஒப்பு

Mohamed Dilsad

யாழில் கைப்பற்றப்பட்ட 7 ஆயிரத்து 420 லீற்றர் எதனோல்

Mohamed Dilsad

Leave a Comment