Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම ප්‍රධානීන් සහ වෘත්තීය සමිති සාකච්ඡා අසාර්ථකයි : සාකච්ඡාව අතරතුර විරෝධය පළ කර වෘත්තීය සමිති පිටව යයි…

විදුලි වෘත්තීය සමිති හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අතර අද (20) පැවති සාකච්ඡාව අතරතුරදී විදුලි වෘත්තීය සමිති සමාජිකයින් විරෝධය පළකරමින් සාකච්ඡාවලින් ඉවත්ව පිටව ගොස් ඇත. විදුලිබල මණ්ඩල මූලස්ථානයේදී අද (20) සාකච්ඡා පැවති අතර එහිදී සාකච්ඡාව අතරතුර වෘත්තීය සමිති පිටව ගොස් ඇත..

සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අධ්‍යක්ෂවරයාද සභාගිවී සිටි බවත් ඔහුට විරෝධය පළකරමින් විදුලි වෘත්තීය සමිති සමාජිකයින් මෙලෙස ඉවත් වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 25 දෙනෙකු සහ වෘත්තීය සමති නියෝජිතයින් තිදෙනෙකු සහභාගීවී සිටි බව සඳහන්ය.

විදුලි සේවකයින් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම විදුලි වෘත්තීය සමිති සඳහන් කරන්නේ, ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් 24 වනදා තීරණයක් ගැනීමට නියමිත බවය.

Related posts

Malinga to retire after 1st ODI vs. Bangladesh

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

Mohamed Dilsad

London to host new Athletics World Cup

Mohamed Dilsad

Leave a Comment