Trending Newsඑසැන පුවත්දේශීය

වතු සේවක, දිනක වැටුප රුපියල් 2000ක් කරනුු…..

ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව තම දෛනික වැටුප රුපියල් 2,000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ වතු සේවකයින් පිරිසක් පසුගියදා උද්ඝෝෂණයක නිරත වූහ.

උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ, දැනට ලැබෙන වැටුප ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

භාණ්ඩ හා සේවා මිල අහස උසට නැඟ ඇති බැවින්, පවුල් නඩත්තු කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව ඔවුහු පවසති.

පසුගිය මැතිවරණ සමයේදී තම වැටුප් වැඩි කරන බවට වත්මන් රජය පොරොන්දු වූ බවත්, මෑතකදී ඉදිරිපත් කළ අයවැය මගින් දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කරන බව පැවසුවද, මේ වන තුරුත් එය ක්‍රියාත්මක වී නොමැති බව උද්ඝෝෂකයෝ චෝදනා කරති.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම දිගු කලක සිට පවතින ගැටලුවක් වන අතර, මෙම උද්ඝෝෂණයත් සමඟ එය යළිත් කරලියට පැමිණ තිබේ. වතු කම්කරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉල්ලීම් කෙරෙහි වහාම අවධානය යොමු කර සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි

Related posts

මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

Mohamed Dilsad

2023 අයවැය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඉවතලන මුහුණු ආවරණ පරිසර ප්‍රශ්නයක් වීමට ඉඩකඩ

Mohamed Dilsad

Leave a Comment