Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් බලය ගත් මාලිමා නායකයින් රාජ්‍ය සේවකයෝ නොසලකා හැරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් ආණ්ඩුව ට, දැවැන්තම ජන වරමක් ලබා දුන් රාජ්‍ය සේවක ප්‍රජාව වෙනුවෙන් ආණ්ඩුව ඉටු කරන දේවල් සම්බන්ධයෙන් සෑහීමකට පත් වියහැකිද කියා ගැටලුවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය සේවකයන් ඉහළ ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශ කළ අතර රටට වටිනා සම්පතක් වූ ලක්ෂ 14ක් 15ක් වන රාජ්‍ය සේවකයන් ලබා දුන් දැවැන්ත ජනවරම තුළ අද රාජ්‍ය සේවකයා තෘප්තිමත්ද කියා ගැටලුවක් ඇති බවය.

විදුලි බල මණ්ඩලය, විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යූහගත කරනවා කියා අද විදුලිබල මණ්ඩලයේ 23000ක් සේවක පිරිස අනාථ කර ඇති බවත්, විදුලිබල ක්ෂේත්‍රයේ විදුලි ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම යන කොටස්වල ලොකු ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වී තරගකාරීත්වය සහිත නව වැඩපිළිවෙළකට යා යුතු වුවත් මේ සේවකයන් 23000 රැකියා සුරක්ෂිතභාවය, සමාජ ආරක්ෂණය තහවුරු විය යුතු බවත් වත්මන් රජය එදා බලය ලබා ගන්න උපකාරි කළ විදුලි බල මණ්ඩලයේ සේවකයන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය හමුවූ අවස්ථාවේදීය.

රාජ්‍ය සේවකයා යොදා ගෙන විප්ලව කර රජ පුටුවට පැමිණි පසු ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයා සහමුලින්ම අමතක කර අනාථ කර ඇති බවත් පසුගිය දිනක අයි.එම්.එෆ් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණ විදුලි බල ක්ෂේත්‍රය ගැන කතා කළ අවස්ථාවේ සමගි ජන බලවේගය පමණක් මේ 23000ක සේවකයන් ගැන කතා කළ බවත් සෙසු පක්ෂ මුනිවත රකින විට සමගි ජන බලවේගය මේ විදුලි බල ක්ෂේත්‍රයේ සේවකයන්ගේ අයිතිය ගැන කතා කළ බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

Related posts

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් නව උපදෙස් මාලාවක්

Mohamed Dilsad

வெடிப்பு சம்பவங்களுடன் தொடர்புடைய 40 பேர் கைது

Mohamed Dilsad

Pope Francis apologises to Roma for Catholic discrimination

Mohamed Dilsad

Leave a Comment