Trending Newsඑසැන පුවත්දේශීය

ඒකාධිපතිවාදය පරදවන්න එකතුවෙන්න එජාපයෙන් ඇරයුම්

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර සමුළුව එළබෙන 20 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එදින පෙ.ව. 09.00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල්හිදී එය ආරම්භ වෙන අතර ”එකට සිටගමු” ලෙසින් සංවත්සර සමුළුව නම් කර ඇත.

මෙතෙක් කාලයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සංවත්සර සමුළුව මෙවර විශේෂයෙන් විපක්ෂයේ සියලුම පාර්ශවවලට ඊට සහභාගී විය හැකි ආකාරයට සංවිධානය කර තිබීම එහි විශේෂත්වයයි.

ඔබේ මතය ඔබ දරන්න ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු යන තේමාවෙන් මෙවර එජාප සමුළුව සංවිධානය කර ඇති බවට එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරයි.

ඒ අනුව විපක්ෂයේ සෙසු පක්ෂ සහ කණ්ඩායම් වෙතද මෙම සමුළුවට ආරාධනා කර තිබේ.

Related posts

විශේෂඥ වෛද්‍යවරු 2,500ක්, රට හැර ගිහින්

Editor O

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ஐக்கிய நாடுகள் மனித உரிமை பேரவையின் 40வது கூட்டத் தொடர் இன்று

Mohamed Dilsad

Leave a Comment