Trending Newsඑසැන පුවත්දේශීය

විශේෂඥ වෛද්‍යවරු 2,500ක්, රට හැර ගිහින්

විශේෂඥ වෛද්‍යවරු 2,500ක් පමණ මේ වන විට රාජ්‍ය සේවය අතහැර රටින් පිටව ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. .

තවත් වෛද්‍යවරුන් 5,000ක පමණ පිරිසක් ඕනෑම මොහොතක මෙරට අතහැර යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන සිටින බව ද එම සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (24) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී මහා කමිටු සාමාජික වෛද්‍ය සංජීව තලගහගොඩ ඒ බව කීවේය..

එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා අවධාරණය කළේ, මේ වන විට රෝහල් පද්ධතියේ පවතින ගැටලු නොවිසඳෙන්නේ නම් සේවා සැපයීමේ අවදානමක් උද්ගතවිය හැකි බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ සඳහන් කළේ රෝහල් පද්ධතියේ ගැටලු පිළිබඳව කඩිනමින් සමීක්ෂණයක් කළ යුතු බවයි.

එසේම, “ජනතාවගේ සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා ජනතාවගේ බදු මුදල් යොදවන්න” යනුවෙන්ද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය

.

Related posts

வெள்ளிக்கிழமை முதல் பாடசாலைகளுக்கு விடுமுறை

Mohamed Dilsad

Orlando Bloom opens up about early fame

Mohamed Dilsad

VIP Assassination Plot: DIG Nalaka de Silva requests another date from CID [UPDATE]

Mohamed Dilsad

Leave a Comment