දේශීය

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ මෙහෙයුමකින් තවත් සැකකරුවන් 316 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10) අලුයම 6 සිට අද (11) අලුයම 5 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සැකකරුවන් වැඩිම පිරිසක් එනම් 142 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාවට අදාලවයි.

ගංජා ලග තබාගත් 64 ක් , නීති විරෝධි මත්පැන් සම්බන්ධ චෝදනා යටතේ සැකකරුවන් 84 ක් ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඩා හා අයිස් ලග තබා ගත් සැකකරුවන් 17 ක්ද , වෙනත් වැටලීම් වලින් සැකකරුවන් 09 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කළේය.

Related posts

මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

Mohamed Dilsad

රාවණා ඇල්ල අසළ වෑන් රථයක් පෙරළීමෙන් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment