Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රාදේශීය ලේකම්වරියගෙන්, රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න නඩු දමයි

මහනුවර දිස්ත්‍රික් අධිකරණය හමුවේ මන්ත්‍රී අනුරාධ ජයරත්න විසින් රුපියල් කෝටි සියයක වන්දි ඉල්ලා අපහාස නඩුවක් ගොනු කර තිබේ.

හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා මෙම නඩුව ගොනු කළේ, පොදු දේපල නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන ඇතැයි සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් තම කීර්ති නාමයට හානි කළ බව පවසමින් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්නට එරෙහිවය.

අදාළ නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණිලිකරු සමඟ සමථයකට පත්වීමට කැමැත්ත පළ කළ අතර, ඒ පිළිබඳ අධිකරණයේ මතය මීළඟ නඩු දිනයේදී ප්‍රකාශ කරන බව මහනුවර දිසා විනිසුරු බුවනක රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ බුද්ධික සමරසිංහ මහතා අධිකරණයට කියා සිටියේ, ප්‍රාදේශීය ලේකම්වරිය විසින් හිතාමතාම සහ ද්වේෂ සහගත ලෙස අසත්‍ය තොරතුරු සමාජගත කරමින් මන්ත්‍රීවරයාගේ කීර්ති නාමයට හානි කර ඇති බවයි. තවද, මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් කරන ලද විමර්ශනයකින් ද මන්ත්‍රීවරයාට අපහාසයක් සිදු වී ඇති බව තීරණය කර ඇති බවත්, අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු පැවසීය.

මීට අමතරව, මෙය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ අපහාසයක් බැවින් ප්‍රාදේශීය ලේකම්වරිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බව දන්වා ඇති බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ, ගම්පොළ ජාතික උරුම සංවිධානය ආරම්භ කළේ 1999 වසරේදී තම පියා වන හිටපු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ජයරත්න මහතා බවත්, ඒ වන විට තමා පාසල් සිසුවෙකු වූ බවත්ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අදාළ සංවිධානය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා නමුත්, ප්‍රාදේශීය ලේකම්වරිය විසින් තම නම සඳහන් කරමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තම කීර්ති නාමයට හානි කර ඇති බවයි.

තවද, මන්ත්‍රීවරයා කියා සිටියේ, ඔහු පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කළේ අදාළ සංවිධානයෙන් රුපියලක් හෝ වංචා කර ඇත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. නමුත් ප්‍රාදේශීය ලේකම්වරිය විවිධ පුද්ගලයන් යොදාගෙන තවදුරටත් තමාට අපහාස කරන බැවින් සාධාරණයක් ඉල්ලා අධිකරණයට යාමට තීරණය කළ බව ඔහු පැහැදිලි කළේය.

Related posts

உயிர்த்த ஞாயிறு தாக்குதல்கள் தொடர்பான இறுதி அறிக்கை நாளை

Mohamed Dilsad

Sri Lanka toil on day 1

Mohamed Dilsad

State Christmas Festival 2018 under President’s patronage

Mohamed Dilsad

Leave a Comment