Trending Newsඑසැන පුවත්දේශීය

කලින් විදියට පළාත් සභා ඡන්දය තියන්න – පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි

දේශපාලන පක්ෂ කිහිපයක් තමාගෙන් කළ ඉල්ලීම් පරිදි පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතාට ලිඛිත දැනුම් දීමක් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් සමග මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය සාකච්ඡා කළ බව එම ලිපියෙන් පෙන්වා දුන් බව ඒ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡා වලදී සියලුම පක්ෂ එකඟතාවයකට පැමිණියේ පැරණි ක්‍රමයට මෙවර පළාත් සභා ඡන්දය පවත්වන ලෙසට බව රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දී ඇත.

නව ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු කළොත් යම්කිසි කාලයක් යන නිසා මෙවර පමණක් පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වා ඉන් පසුව අලුත් ඡන්ද ක්‍රමයට පැවැත්වීම වඩා සුදුසු බව එම පක්ෂ ප්‍රකාශ කළ බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මේ අනුව මෙම පක්ෂවල ඉල්ලීම මත පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට විෂයභාර අමාත්‍යවරයාට යොමු කරන ලද ලිපියෙන් දැනුම් දුන් බව
ඒ මහතා කියා සිටියේය.

Related posts

SLFP Central Committee meeting where positions change, tomorrow

Mohamed Dilsad

India’s Prime Minister to see flood-ravaged Kerala

Mohamed Dilsad

වෛද්‍ය වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment