Trending News

වෛද්‍ය වර්ජනය අවසන්

(UTV| කොළඹ) – අද පෙරවරු 8 සිට දිවයින පුරා ආරම්භකර තිබූ වැඩවර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංකේත වර්ජනයේ නිරත විය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව සිදුකරන වර්ජනය හේතුවෙන් රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වු  බව අප වාර්තාකරුවෝ පවසති.

රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශවල වැඩ කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී තිබූ බව ඔවුන් පැවසීය.

කොළඹ ජාතික රෝහලේ ද සායනික සහ බාහිර රෝගී අංශවල වැඩ කටයුතු අද දිනයේ අඩාල වී තිබු බව වාර්තා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

கொம்பனித்தெருவில் கூரிய ஆயுதத்தினால் தாக்கப்பட்டு ஒருவர் கொலை

Mohamed Dilsad

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

UPDATE-பொலிஸாரினால் தேடப்பட்டு வந்த பிரதான சந்தேக நபர் சுட்டுக் கொலை

Mohamed Dilsad

Leave a Comment