Trending Newsඑසැන පුවත්දේශීය

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද (04) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.

ඒ,නව ජනතා පෙරමුණ විසිනි. මෙහිදී කථානායකවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා වන්නේ නිල නිවාස දෙකක් භාවිතා කිරීම හා නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිතා කරමින් සිටීමත් ඔහුගේ පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම් පිළිබඳවත්ය.

කථානායක වෙත නිල වශයෙන් නිල නිවසක් ලබා දී ඇති පසුබිමක කොළඹ 04,ලෝරිස් පටුමඟ,අංක 02 දරන ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරන නිවාස 2025 ජනවාරි මාසයේ සිට භාවිතා කරන අතර ඒ අනුව කිසිම රාජ්‍ය නිලධාරියෙකුට හෝ දේශපාලඥයෙකුට නිල නිවාස දෙකක් භාවිතා කළ නොහැකි බව පැමිණිල්ලේ දක්වා තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති පරිපාලන චක්‍රලේඛ 14/2025 දරන චක්‍රලේඛයට අනුව කථානායක වෙත භාවිතා කළ හැකි නිල වාහන ගණන දෙකක් එන නමුත් ඔහු නිල වාහන තුනක් භාවිතා කරමින් සිටින බවටද පැමිණිල්ලේ දක්වා ඇත.

මේවා පොදු දේපළ පනත යටතේ මෙන්ම දුෂණ විරෝධී පනත යටතේද ගැනෙන වැරදි ලෙසයි පැමිණිල්ල විසින් දක්වා ඇත්තේ.

තවද කථානායකවරයා තමන්ගේ පෞද්ගලික ලේකම්ටද ලෝරිස් පටුමඟ නිල නිවසේ නවාතැන් දී තිබෙන බවත් ඔහුට ආහර සැපයීමද පාර්ලිමේන්තු වියදමින් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මේ අතර පෞද්ගලික ලේකම් වෙත නිල වාහන, ඉන්ධන ලබා දී තිබියදී ඔහුද භාවිතා කරන්නේ කථානායකවරයාගේ වාහන බවටද චෝදනා කර සිටියි. මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසයි පැමිණිල්ල විසින් ඉල්ලා ඇත්තේ

Related posts

සම්ප්‍රේෂණ පද්ධිතියේ හදිසි විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

“Crime rate hits low,” Patali says

Mohamed Dilsad

“Guardians of the Galaxy 3 takes place after Infinity War” – James Gunn

Mohamed Dilsad

Leave a Comment