Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය නිලධාරීන් ට ඩිජිටල් අත්සනක්

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට  ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය  මෙහිදී ආරම්භ විය.

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනය ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරිය වේ.

මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකියි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර , ස්වදේශ කටයුතු අංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය රෝෂිණී දිසානයක, ඒ.ජී. නිශාන්ත, චිත්‍ර තිලකරත්න, ධම්මික මුතුගල, ඔමාලි විමලරත්න, මෙන්ම  ප්‍රධාන මුල්‍ය නිලධාරී ජේ. ඩී. ඒ. පී ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු යූ. එල්.ඒ. නසාර්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගීගනගේ යන මහත්ම මහත්මීන් සහ ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් එක සිටියහ. 

Related posts

තවත් 16 දෙනෙකු සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Australia beat England to win 2nd Women’s Ashes ODI

Mohamed Dilsad

ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාරයක්

Mohamed Dilsad

Leave a Comment