Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

අරගලයෙන් නේපාල සංචාරක කර්මාන්තය කඩා වැටේ

නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින වාතාවරණය හමුවේ එරට සංචාරක පැමිණීම් සියයට 30කින් පහළ ගොස් ඇති බවය.

මෙම කාල සීමාව නේපාලයට සංචාරකයින් බහුලව පැමිණෙන කාලසීමාවක් වන අතර කදු තරණය සඳහා පැමිණෙන සංචාරකයින් එහිදී කැපී පෙනෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් කත්මණ්ඩු හි කාර්යබහුල සංචාරක මධ්‍යස්ථානයක් වන තාමෙල් සංචාරක කලාපයේ සාප්පු, අවන්හල් පාළුවට ගොස් ඇති බව වාර්තා වෙයි.

නේපාලයේ ඇතිවූ ප්‍රචණ්ඩ විරෝධතාවලින් පුද්ගලයින් 72දෙනෙකු මියගොස් තවත් 2000කට අධික පිරිසක් තුවාල ලැබීය.

Related posts

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට (30) මතුගම ආදාහනාගාරයේදී

Editor O

பல்கலைகழக நடவடிக்கைகள்-பாதுகாப்பை உறுதிப்படுத்தியதன் பின்னர் மீண்டும் ஆரம்பிக்கலாம்

Mohamed Dilsad

Government increases subsidy for concessionary bus services

Mohamed Dilsad

Leave a Comment