Trending Newsඑසැන පුවත්දේශීය

කයිතන්ගේ සීනි කෑම…. : පෙර වසරට සාපේක්ෂව සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් වැඩිපුර ආනයනය කරලා

මේ වසරේ මුල් මාස හය තුළදී මෙරටට ආනයනය කර ඇති සීනි ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් පෙන්වා දෙයි.

ඒ අතර, දේශීය සීනි නිෂ්පාදනය පහළ වැටී තිබීම ද විශේෂත්වයකි. මහ බැංකු දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළදී මෙරටට සීනි මෙට්‍රික් ටොන් 343,416ක් ආනයනය කර තිබේ. මෙය, 2024 වසරේ එම කාලයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 120,272ක විශාල වැඩිවීමකි. පසුගිය වසරේ මුල් මාස හයේදී ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික් ටොන් 223,144ක් පමණි.

මෙම ආනයනය වැඩිවීමට සමගාමීව, දේශීය සීනි නිෂ්පාදනය විශාල ලෙස පහළ වැටී ඇත. 2025 වසරේ මුල් මාස හය තුළ දේශීය සීනි නිෂ්පාදනය වී ඇත්තේ මෙට්‍රික් ටොන් 26,792ක් පමණි. පසුගිය වසරේ එම කාලය තුළ එය මෙට්‍රික් ටොන් 42,605ක් විය. ඒ අනුව, දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15,813කින් අඩු වී තිබේ.

මෙම දත්තයන් මගින් පෙන්වා දෙන්නේ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවත්, සීනි සඳහා වන ඉල්ලුම සපුරා ගැනීමට ආනයනය මත රඳා පැවැත්ම තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්ය.

Related posts

ආපදාවේ සියලු වගකීම් රාජ්‍ය නිලධාරීන් මත පටවා ආණ්ඩුව ට අත පිහිදාගන්න බැහැ – එජාප මහලේකම් තලතා අතුකෝරල

Editor O

Emigrants’ Information Center at BIA relocated

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් රැසක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment