Trending Newsඑසැන පුවත්දේශීය

විනය රකින්න සමගි ජන බලවේගය ගත් විශේෂ තීරණය

පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කරන සහ පක්ෂය විවේචනය කරන සාමාජිකයන්ට එරෙහිව දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ පක්ෂයේ යම් අඩුපාඩු හෝ ගැටලු තිබේ නම් ඒවා පක්ෂය තුළම සාකච්ඡා කළ යුතු බවයි.

එසේම පක්ෂයෙන් පිටත විවිධ ස්ථානවලදී ප්‍රකාශ නිකුත් කරමින් පක්ෂය විවේචනය කිරීම පක්ෂයේ විනයට හානි කරන බවද ඔහු පැවසීය.

මෙහිදී ඔහු පැහැදිලි කළේ, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම, කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂ කළමනාකරණ කමිටුව වැනි නිල වේදිකාවලදී පක්ෂ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව ඇති බවයි. ඊට පිටතින් අදහස් ප්‍රකාශ කිරීම පක්ෂ විනය කඩකිරීමක් ලෙස සලකන බවත්, ඒ පිළිබඳව පක්ෂයේ දැඩි අවධානය යොමුව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය .

Related posts

ஆஸ்திரேலியா அணியிடம் போராடி தோற்றது மேற்கிந்தியத்தீவுகள் அணி

Mohamed Dilsad

Court ruling on Geetha’s MP post not communicated to Parliament

Mohamed Dilsad

“රට තුළ ආහාර හිඟයක් නෑ”: රජය කියයි

Mohamed Dilsad

Leave a Comment