Trending Newsඑසැන පුවත්දේශීය

විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 07 වෙනිදා පාර්ලිමේන්තුවට

විසර්ජන පනත් කෙටුම්පත 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කිරීම, සහ එම කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. 

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහලේකම්වරිය පැවසුවාය.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත. 

ඒ අනුව නොවැම්බර් 14 ප.ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත් වීමටත් දෙසැම්බර් 5, ප.ව 6.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟතාවය පළ වී ඇත.

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත් වේ. 

එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව 9.30ටත්, අන් සෑම දිනකම පෙ.ව 9.00ටත් රැස්වීමට මෙහිදී තීරණය වී තිබේ.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිව්වන අදියර විවෘත කෙරේ

Mohamed Dilsad

இருவேறு இடங்களில் ரயில் போக்குவரத்துக்கு பாதிப்பு

Mohamed Dilsad

Rajitha Senarathne continues to be hospitalized

Mohamed Dilsad

Leave a Comment