Trending Newsඑසැන පුවත්දේශීය

රාජිත ට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම අද (09) නියෝග කළේය.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා රාජිත සේනාරත්න මහතාට, විදේශ ගමන් තහනම් කරන නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබේ.

Related posts

දේශබන්දු පිටතින් කෑම ඉල්ලයි…

Editor O

බක් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

මෛත්‍රීට හා දයාසිරිට එරෙහිව අතුරු තහනමක්

Mohamed Dilsad

Leave a Comment