Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු පිටතින් කෑම ඉල්ලයි…

තමාට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර බන්ධනාගාරයේ අධිකාරිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. සාමාන්‍යයෙන් බන්ධනාගාරගත සැකකරුවන්ට පිටතින් ආහාර ලබා ගැනීමට අදාළ බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ අනුව මෙම ඉල්ලීම කර තිබේ.

ඒ අනුව බොහෝ දුරට ඔහුට පිටතින් රැගෙන එන ආහාර ලබා ගැනීමට දුම්බර බන්ධනාගාරයෙන් අද දිනයේදී අවසර හිමි වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර, දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව චෝදනා 9ක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව වාර්තා වේ. ඒ චෝදනා අතර වැලිගම  ප්‍රදේශයේ W 15 හෝටලයට ගිනි අවියකින් වෙඩි තබා අනර්ථයක් සිදු කිරීමත් ඒ සඳහා පොලීසියේ ප්‍රධානියා ලෙස පොලිස් නිලධාරින් 8ක් නීතිවිරෝධි රැස්වීමක සාමාජිකයන් ලෙස යොදා ගැනීමත් ඇතුළත්ව ඇත.

ඊට අමතරව රාජකාරි කටයුත්තක් නොවන පෞද්ගලික අභිමතාර්ථයක් ලෙස සාපරාධි බියගැන්වීම සඳහා පොලිස් නිලධාරින් පිරිසක් සමඟ කුමන්ත්‍රණය කිරීම සහ බොරු සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා ද අන්තර්ගතය.

Related posts

අද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

Person arrested for impersonating Presidential Advisor

Mohamed Dilsad

அமேசன் காட்டில் பயங்கர தீ – பல்லாயிரக்கணக்கான ஏக்கர்கள் நிலப்பரப்பு தீக்கிரை

Mohamed Dilsad

Leave a Comment