Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.

ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා නේපාල රජය විසින් පසුගියදා නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම තහනම් කිරීමට පියවර ගත් අතර මීට විරෝධය පළ කරමින් එරට තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවකද නිරත විය.

එම විරෝධතා අතරතුර කන්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද විරෝධතාකරුවන් ඇතුළු වූ අතර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබීය.

මේ හේතුවෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.

එරට සන්නිවේදන හා තොරතුරු අමාත්‍ය ප්‍රිත්වි සුබා ගුරුන්ග් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ අදාළ කැබිනට් රැස්වීමෙන් පසු මේ සම්බන්ධව සාකච්ඡා කර පනවනු ලැබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට තීරණය කළ බවය.

Related posts

பிரதமர் இன்று(22) புத்தளம் மாவட்டத்திற்கு விஜயம்

Mohamed Dilsad

ஐ.நாடுகள் மனித உரிமைகள் பேரவையின் 42 ஆவது கூட்டத்தொடர் இன்று ஆரம்பம்

Mohamed Dilsad

කොරෝනා නිසා පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

Leave a Comment