Trending Newsඑසැන පුවත්දේශීය

බාල බෙහෙත් රටපුරා : රෝගී ජීවිත අවධානමේ… – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මේ වන විට පෞද්ගලික ඖෂධ වෙළඳසැල්වල ඇතැම් ඖෂධ ඉතා අඩු මිල ගණන්වලට තිබුණද, ඒවායේ රසායනික ප්‍රමිතීන් පිළිබඳව බරපතල සැකයක් පවතින බවයි.

ඔහු සඳහන් කරන අන්දමට, ඇතැම් ඖෂධවල තිබිය යුතු නිශ්චිත රසායනික සංඝටක නොමැති අතර, ඒවායේ ලේබලවල සඳහන් සමාගම් පවා එම රටවල්වල නොමැති බව අනාවරණය වී ඇත.

මෙම ඖෂධ ප්‍රධාන පෙළේ රෝහල් අසළ ෆාමසිවල ඉතා අඩු හෝ ඉතා වැඩි මිල ගණන්වලට අලෙවි වන බවත්, මේ සම්බන්ධව නිසි නියාමනයක් සිදුකළ යුතු බවට තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නද, මෙතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු පවසයි.

නිදසුනක් ලෙස, Papavarine නම් ඖෂධය රජය මිලදී ගැනීමේදී රුපියල් 50,000කට වැඩි මුදලක් වැය වන නමුත්, එම ඖෂධයම රුපියල් 300ක් වැනි මුදලකට පිටත වෙළඳපොළේ ඇති බවට මීට පෙර වාර්තා විය.

පසුව සිදුකළ නිරීක්ෂණවලදී අනාවරණය වූයේ එම ඖෂධවල කිසිදු රසායනික ප්‍රමිතියක් නොමැති බවත්, එම ඖෂධ නිෂ්පාදනය කරන බව කියන සමාගම් ඉන්දියාව තුළ දැනට ක්‍රියාත්මක නොවන බවත්ය.

මේ තත්ත්වය නිසා “අඩු මිලට ඖෂධ වෙළඳපොලේ තිබේ” යන වැරදි මතයක් සමාජගත වෙමින් පවතින බවත්, මෙවැනි ඖෂධ හදිසි වැටලීම් සහ විද්‍යාත්මක පරීක්ෂණවලට ලක් නොකළහොත් ඒවා භාවිතා කරන රෝගීන්ට බරපතල සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

Army continues Dengue eradication campaign

Mohamed Dilsad

Vietnam Storm Flooding Kills 20, Leaves Over a Dozen Missing

Mohamed Dilsad

சமுர்த்தி ஆரோக்கிய உணவகங்கள்…

Mohamed Dilsad

Leave a Comment