Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු පොලිස්පති ධුරයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද…? පෙත්සම් විභාගයට දින නියම කෙරේ

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද (08) කැඳවින..

අදාළ පෙත්සම් පෙබරවාරි මස 12 වනදා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කළහ.

කාදිනල් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් පෙත්සම් 09ක් ඉදිරිපත් කර තිබිණ..

Related posts

Party Leaders decides to go for a vote on Provincial Councils Delimitation Report

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් මෙරටට මූල්‍ය පහසුකමක්

Mohamed Dilsad

Melbourne, Australia, set to roast on hottest day in decade

Mohamed Dilsad

Leave a Comment