Trending Newsඑසැන පුවත්දේශීය

මිද්දෙණියේ සිද්ධියට අදාළ කන්ටේනර් මුදාහැරි දින පිළිබඳ අනාවරණයක්

මිද්දෙණියෙන් හමුවූ ආකාරයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පාලු ඉඩමක දමා තිබියදී සොයා ගත් අතර, එම රසායනික ද්‍රව්‍ය තොග සහිත කන්ටේනර් 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මුදාහැර ඇති බව පොලීසිය කියයි.

අදාළ රසායනික ද්‍රව්‍ය තම මවට අයත් ඉඩමෙහි වළ දමා තිබීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි පියල් මනම්පේරි නැමැත්තාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමටද අධිකරණය අවසර දී ඇත.

අදාළ රසායනික ද්‍රව්‍ය සහිත බහළුම් ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 07 වැනිදා ඉරානයේ සිට මෙරටට යොමු කර ඇති බවත් එම බහාලූම් ජනවාරි මස 25 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් නිදහස් කර ඇති බවටද කරුණු අනාවරණය වෙයි.. ඒ පිළිබඳ රේගු අධ්‍යක්ෂ ජනරාල්ගෙගෙන් විමසූව ද පැහැදිලි පිළිතුරක් ලබාදී නැත.

කන්ටේනර්වලට අදාළ ලියකියවිලිවල කිහිපයක බව පැවසෙන ඡායා පිටපත් මෙන්ම තවත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත ලැබී තිබිණ. කන්ටේනර් පිටවීම පිළිබඳව අද දිනයේ ප්‍රකාශයක් සිදුකරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ කීවේය.

අදාළ ඡායාරූප සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්.යූ. වුඩ්ලර් මහතාගෙන් ද විමසා සිටි අතර, එහිදී ඔහු ඒවා දෙසැම්බර් 25 වැනිදා වරායෙන් පිටවී ඇති බව තහවුරු කළේය..

.

Related posts

Austin Fernando appointed as Sri Lankan High Commissioner for India

Mohamed Dilsad

Dilrukshi Dias interdicted

Mohamed Dilsad

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment