Trending News

නිමල් ලංසා බන්ධනාගාරයෙන් කළ ඉල්ලීම

බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, ඊයේ (30) පස්වරුවේ ඔහු එම ඉල්ලීම කළ බවයි.

ඒ සම්බන්ධයෙන් සලකා බලන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ ය.

පෙරේදා (29) අත්අඩංගුවට ගත් නිමල් ලන්සා මහතා, ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

2006 පළාත් පාලන ඡන්දය පැවති කාලසීමාවේ මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසකට පහරදී අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන්, ඔහුට චෝදනා එල්ල වේ.

Related posts

Rugby World Cup semi-final: Wales 16-19 South Africa

Mohamed Dilsad

தொடரும் பெண் கைதிகளின் போராட்டம்…

Mohamed Dilsad

வர்த்தக நிலையங்களுக்கு எதிராக சட்ட நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment