Trending Newsඑසැන පුවත්දේශීය

රටපුරා රෝහල්වල විශේෂඥ වෛද්‍ය හිඟය උග්‍රවෙයි…. : පිරිසක් රට හැර ගිහින්

පසුගිය වසරක කාලය තුළදී පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 24 දෙනෙකු විදේශගත වී ඇති අතර, සෞඛ්‍ය පද්ධතිය තුළ දහසකට අධික විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලද තොරතුරු මත, එහි කෘතික සත්කාර සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව මේ බව තහවුරු වී ඇත.

මෙම වාර්තාවට අනුව, මෙරට සේවය කළ යුතු විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 3,181 ක් වන නමුත්, මේ වන විට සේවයේ නියුතු වන්නේ 2,042 ක් පමණි.

ඒ අනුව, සෞඛ්‍ය පද්ධතිය තුළ විශාල හිඟයක් නිර්මාණය වී ඇත.

නිර්වින්දන වෛද්‍යවරුන්: 200 කට ආසන්න හිඟයක් පවතී.

කායික විශේෂඥ වෛද්‍යවරුන්: 150 ක පමණ හිඟයක් පවතී.

ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්: 100 ක පමණ හිඟයක් පවතී.

නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්: 100 ක පමණ හිඟයක් පවතී.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්: 100 කට ආසන්න හිඟයක් පවතී.

අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන්: සේවය කළ යුතු සංඛ්‍යාව 64 ක් වන අතර, දැනට සේවය කරන්නේ 41 ක් පමණි.

කෙසේ වෙතත්, අස්ථි රෝග විශේෂඥ වෛද්‍යවරුන් 44 දෙනෙකු පමණ සේවය කළ යුතු වුවත්, දැනට 64 දෙනෙකු සේවය කිරීම විශේෂත්වයකි. නමුත්, අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් 100 කට ආසන්න ප්‍රමාණයක් සේවය කළ යුතු වුවත්, දැනට සේවය කරන්නේ 47 දෙනෙකු පමණි.

මෙම තත්වය පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය මේ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ඔහු අවධාරණය කරන්නේ, රට තුළ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමටත්, පුහුණුව ලබන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමටත් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවයි.

 

.

Related posts

இன்று சுகயீன விடுமுறை போராட்டத்தில்

Mohamed Dilsad

Israel passes controversial law on West Bank settlements

Mohamed Dilsad

2019 Budget: Second reading debate to commence today

Mohamed Dilsad

Leave a Comment