Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්නේ නැහැ – නීතිපති

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ පෙත්සම් හතක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න, අධිකරණයට ප්‍රකාශ කළේ, මෙම පනත් කෙටුම්පත මගින් හිටපු ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමි විශ්‍රාම වැටුප් ව්‍යවස්ථානුකූලව අහෝසි කිරීමට අදහස් නොකරන බවයි.

ඒ වෙනුවට, යෝජිත නව පනත යටතේ 1986 අංක 4 දරන ජනාධිපති අයිතිවාසිකම් පනත මගින් හිමි වූ ඇතැම් අතිරේක වරප්‍රසාද පමණක් සීමා කිරීමට අපේක්ෂා කරන බවද සොලිසිටර් ජනරාල්වරයා පැහැදිලි කළේය.

Related posts

பலத்த காற்றுடன் கூடிய மழை பெய்யும் வாய்ப்பு

Mohamed Dilsad

தொடரூந்து சாரதிகளின் பணிப்புறக்கணிப்பு நிறைவு

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல் – 64 பேரினதும் விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment