Trending Newsඑසැන පුවත්දේශීය

ඒකාබද්ධ කාල සටහනට ලංගමයේ විරෝධය

ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති අද (28) අලුයම සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට බස් රථ ධාවනයෙන් හා සේවයට වාර්තා කිරීමෙන් ඉවත්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එලැබීමට පියවර ගෙන තිබේ.

සමගි සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති හතක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(ලංකාදීප)

Related posts

Social media restrictions likely to be lifted on Friday

Mohamed Dilsad

நைஜீரியாவில் எண்ணெய் டேங்கர் விபத்தில் 9 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Naval, fishing communities cautioned as low pressure area likely to develop into depression

Mohamed Dilsad

Leave a Comment