Trending Newsඑසැන පුවත්දේශීය

රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් කරන චෝදනා ඇත්තද…?

ශ්‍රී ලංකා රේගුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කළ සීවලී අරුක්ගොඩ මහතා මෑතකදී සිදු වූ බහාලුම් වංචාවකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් චෝදනා කරයි.

මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ආන්දෝලනාත්මක “රතු ලේබල්” බහාලුම් නිකුත් කිරීමේ සිද්ධිය විමර්ශනය කළ කමිටුව විසින් අරුක්ගොඩ මහතාට ද චෝදනා එල්ල වී ඇති බව මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

“නිල විමර්ශනයකින් චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මෙවැනි ඉහළ තනතුරක් ලබා දෙන්නේ කෙසේද?” යැයි ප්‍රශ්න කළ මුජිබුර් රහ්මාන් මන්ත‍්‍රීවරයා , අරුක්ගොඩට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි දැයි කියාද ප්‍රශ්න කර සිටියේය.

මෙම පත්වීම සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, පත්වීම නැවත සලකා බලන ලෙසත්, පරීක්ෂණයේ සොයාගැනීම් සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Related posts

சரத் அமுனுகம அரசியலில் இருந்து ஓய்வு பெறுகிறார்

Mohamed Dilsad

ஓரின சேர்க்கை தீர்ப்பு: தமிழ் நடிகர்-நடிகைகள் கருத்து…

Mohamed Dilsad

இந்தியாவில் 70-ஆவது குடியரசு தினம் இன்று..

Mohamed Dilsad

Leave a Comment