Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිගේ ඇප නියෝගය කල් තැබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේය.

මෙම ඇප ඉල්ලීම කොළඹ  කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය ඉදිරියේ සලකා බැලුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරමින් මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය. 

ඉන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබන බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

Related posts

முல்லைத்தீவு முஸ்லிம்களின் மீள் குடியேற்றத்துக்கு தலா 20 பேர்ச் காணியையேனும் பெற்றுக்கொடுங்கள்” மீளாய்வு கூட்டத்தில் பிரதமரிடம் அமைச்சர் றிஷாட் அழுத்தம்

Mohamed Dilsad

Vladimir Putin wins by big margin

Mohamed Dilsad

හෙට සහ අනිද්දා කොටස් වෙළඳපොල වැසේ

Mohamed Dilsad

Leave a Comment