Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරු 9ට පමණ පැමිණ තිබේ. මෙම කැඳවීම සිදු කර ඇත්තේ, ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයකට අදාළවය.

විමර්ශනයට භාජනය වී ඇත්තේ නිව්යෝර්ක් නුවර පැවති නිල සංචාරයකින් පසු ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට ගිය ගමනකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන් සහ පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Related posts

Gazette on price reduction of cancer medicine in 2-weeks

Mohamed Dilsad

Government prioritise foreign employment opportunities for Lankans

Mohamed Dilsad

தனியார் வகுப்புகள் இடைநிறுத்தம்?

Mohamed Dilsad

Leave a Comment