Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කතානායක අතර විශේෂ සාකච්ඡාවක්

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන 21 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක කථානායක ජගත් වික්‍රමරත්න ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව ඉදිරිපත් කර ඇති බවත්, එය විවාදයට නොගන්නා බවට ආණ්ඩුව යම් යම් ප්‍රචාරයන් ගෙන ගියද, ඒ පිළිබඳව අවසන් තීරණය ගත යුත්තේ කථානායකවරයා බව කරුණාතිලක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.. .

ඒ අනුව, මෙම කාරණය පක්ෂ නායක රැස්වීමේදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු බවත්, ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කරන තර්කවලට ප්‍රතිචාර දැක්වීමට විපක්ෂය සූදානම් බවත් ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළේය.

Related posts

மனித உரிமைப் பேரவை கூட்டத்தொடரில் அமைச்சர் மங்கள சமரவீர இன்று உரை

Mohamed Dilsad

துப்பாக்கியுடன் ஒருவர் கைது

Mohamed Dilsad

Pakistan says it will continue to support Sri Lanka

Mohamed Dilsad

Leave a Comment