Trending Newsඑසැන පුවත්දේශීය

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා වන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත. .

වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ප්‍රේමසිරි විජේසේකර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ..

එහි වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා ඇතුළු පිරිසක්.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වන බවයි.

ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති එකකින් හෝ කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවද පෙත්සමේ සඳහන්..

සමස්තයක් වශයෙන් ගත් කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බව සඳහන් කළ පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 වන ව්‍යවස්ථාවන් සහ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද සඳහන් කර තිබේ. .

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත..

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින්ද ඉකුත් දා පෙතසමක් ගොනු කළේය.

Related posts

ஜனாதிபதி – அவுஸ்திரேலிய உயர்ஸ்தானிகர் இடையே சந்திப்பு [VIDEO]

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා

Mohamed Dilsad

Leave a Comment