Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් චෝදනා ලැබූ ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ට ඇප නැහැ.

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අදාළ සැකකරු ලබන 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී නියම කළාය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බව අල්ලස් කොමිෂමේ නිලධාරීන් සඳහන් කළේය. 

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 25 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Related posts

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක්

Mohamed Dilsad

Copper Factory Employee In Wellampitiya Further Remanded

Mohamed Dilsad

‘ஒன்றாய் முன்னோக்கி’ ஜனாதிபதித் தேர்தல் இறுதிப் பிரச்சாரக் கூட்டம் சாய்ந்தமருதில்

Mohamed Dilsad

Leave a Comment