Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ සියලු දේවල් වත්මන් ආණ්ඩුව කරනවා – හිටපු ඇමති ඩයනා ගමගේ

ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ සියලු දේ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටීම පිළිබඳව තමා මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.

විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, “මම හරිම සතුටුයි. විය යුතු දේ වෙමින් පවතිනවා” යැයිද එහිදී ඇය කීවාය.

“මේ ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කොට විරුද්ධ වෙච්චි දේවල් සියල්ල අද හරියි කියලා තේරුම් අරන් ඉන්න එක ගැන මම සතුටු වෙනවා,” යැයිද කීවාය.

එමෙන්ම, වත්මන් ආණ්ඩුව කැසිනෝ විවෘත කිරීම, ගංජා අපනයනයට නීතිගත කිරීම නිවැරැදි තීරණ බව ද ඇය සඳහන් කළාය.

“මම කතා කළා කොළඹ නොනිඳන නගරයක් කරන්න. මම මැරයින් ඩ්‍රයිව් ගැන කිව්වා. මේවා පැය 24 ඇරලා තියන්න ඕන තැන්. ඒවා වහගෙන සංචාරකයෝ ආකර්ශනය කරගන්න බෑ,” යනුවෙන්ද ඇය ඉදිරියට වියයුතු දේ ගැනද සිහිපත් කළාය.

Related posts

இடைக்கால கணக்கு அறிக்கைக்கு ஐக்கிய மக்கள் சுதந்திர முன்னணி ஆதரவு

Mohamed Dilsad

Donald Trump considers issuing new travel ban

Mohamed Dilsad

New “G.I. Joe” film to include Chuckles

Mohamed Dilsad

Leave a Comment