Trending Newsඑසැන පුවත්දේශීය

අල්ලස් චෝදනා ලැබූ ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ට ඇප නැහැ.

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අදාළ සැකකරු ලබන 25 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී නියම කළාය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින බවත් එය විශේෂ කරුණක් සේ සලකා සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.

මෙම සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බැවින් එම ඇප ඉල්ලීමට විරුද්ධ වන බව අල්ලස් කොමිෂමේ නිලධාරීන් සඳහන් කළේය. 

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 25 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Related posts

Minimum standards on Medical Education, Clinical Training to be Gazetted on Jan. 27

Mohamed Dilsad

பாடசாலை மாணவர்கள் 16 பேர் வாகன விபத்தில் காயம்

Mohamed Dilsad

எதிர்வரும் மே மாதம் தனுஷின் எனை நோக்கி பாயும் தோட்டா ரிலீஸ்…

Mohamed Dilsad

Leave a Comment