Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මනූෂට, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කම්කරු හා විදේශ රැකියා හිටපු ඇමති මනූෂ නානායක්කාරට ලබන 20 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙම විමර්ශනය ආරම්භ කරනු ලැබ ඇත්තේ 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත විධිවිධාන ප්‍රකාරව ‍හිටපු ඇමති විසින් සිය වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් බව පැවැසේ.

මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට ‍එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති විසිනි.

හිටපු ඇමති මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා ඇමතිධූරය දරන කාලයේදී නීතිවිරෝධී ආකාරයෙන් දේපල හෝ වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට එම පැමිණිලිකරු ඉල්ලා ඇතැයිද සදහන් වේ.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනයේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ඇමති මනූෂ නානායක්කර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතිබව වැඩිදුරටත් පැවසේ.

Related posts

Court of Appeal rejects Johnston Fernando’s bail application

Mohamed Dilsad

இறுதி போட்டிக்கு முன்னேறிய சென்னை

Mohamed Dilsad

New passport from next year – Controller of Immigration and Emigration

Mohamed Dilsad

Leave a Comment