Trending Newsඑසැන පුවත්දේශීය

මුලතිව් හර්තාලයට දේශපාලන පක්ෂ කිහිපයක සහාය

මුලතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත එල්ල වන චෝදනා හේතුවෙන් එළැඹෙන සඳුදා (18) උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සංවිධානය කළ හර්තාලයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහයෝගය පළ .කරන බව ප්‍රකාශ කර තිබේ.

මුලතිව්හි 32 හැවිරිදි එදිර්මනසිංහම් කබිල්රාජ් ඝාතනය දැඩි ලෙස හෙළා දකින බව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ වන විට ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම හර්තාලය සඳහා සහාය පළකර තිබිණ.

මීට දින කිහිපයකට පෙර, කබිල්රාජ් සහ තවත් සිව් දෙනෙකු අසල හමුදා කඳවුරකට කැඳවා පහර දුන් බවට වාර්තා විය.

ඉන් දින දෙකකට පසු ඔහුගේ සිරුර මුත්තයියන්කට්ටු වැවෙන් සොයාගෙන තිබුණි.

Related posts

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත් පරිත්‍යාගයක්

Mohamed Dilsad

ராஜிதவின் வீட்டில் CID சோதனை நடவடிக்கை [VIDEO]

Mohamed Dilsad

සෘජු විදේශ ආයෝජන ගෙන්වාගනිමින්, අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment